Tuesday, April 16, 2024

General line - 0115112241

නිරෝධායනය කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සතොසෙන් සහන මල්ලක්




නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ වසංගතය පැතිර යාම උග්‍ර බවට හඳුනාගනිමින් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රවය ඇතුලත් රුපියල් 5000 ක් වටිනා සහන මල්ලක් ලබා දීමට සතොස ආයතනය විසින් කටයුතු සලසා තිබෙනවා.

අමාත්‍ය  බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ලබාදෙන මෙම සහන මල්ලේ පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත්.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී මෙම තීරණය ගනු ලැබුවා.

මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබෙනවා.

මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

සුදු නාඩු සහල් 10kg      
හාල්මැස්සන් (තායි) 500g     
දෙවැනි බත 350g
රතු කැකුළු සහල් 5kg     
බී ළූණු 3kg                          
නූඩ්ල්ස් 1kg
පාන් පිටි 3kg                
තේ කොළ 200g                   
ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 500g
අල(දේශීය) 3kg          
ගම්මිරිස් 100g                      
මාරි 300g පැකට් 1
රතු පරිප්පු 2kg            
ලුණු කැට 1kg                      
මුහුණු ආවරණ 10
සුදු සීනි කිලෝ 1kg          
මිරිස් කුඩු 200g                    
විෂබීජ නාශක දියර 100ml
දුඹුරු සීනි කිලෝ 1kg  
සෝයා මීට් 90g පැකට් 02 ක්