Thursday, April 25, 2024

General line - 0115112241

අද දිනයේ කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන 




බස්නාහිර පළාතේ පුද්ගලයින්ට අද දිනයේද ප්‍රදේශ 59කදී කොරෝනා එන්නත්කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, ඒ පොලිසිය හා ත්‍රිවිද හමුදා නිලධාරීන්ගේ සහයද ඇතිවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගල්කිස්ස, දෙහිවල, බොරැල්ල ඇතුලු ප්‍රදේශ 21ක එම කටයුතු සිදු වනවා. 

ඊට අමතරව ප්‍රදේශ 24ක් ආශ්‍රීතව ගම්පහ දිස්ත්‍රීක්කයේ අද දිනයේ කොරෝනා එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. කළුතර දිස්ත්‍රික්කයේද එන්නත් කරන වැඩපිළිවෙල ප්‍රදේශ 14ක් ආශ්‍රීතව මේ වන විට ක්‍රියාත්මකයි.