Saturday, April 20, 2024

General line - 0115112241

එක්දින තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යයි




යොවුන් ක්‍රීඩකයින් සමගින් බංගලදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව අවසන් කිරීම සිය අපේක්ෂාව බව ශ්‍රීලංකා එක්දින කණ්ඩායමේ නව නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා. තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගියා. මේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර නායක කුසල් ජනිත් පළ කළ අදහස්.

නව උපනායක කුසල් මෙන්ඩිස් ද මෙහිදී අදහස් පළ කළා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම එක්දින තරග 03 මැයි මස 23, 25 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. සියලු තරග පැවත්වෙන්නේ ඩකා හිදි පැවැත්වෙනවා.