Thursday, April 25, 2024

General line - 0115112241

බෝගම්බර වහලය මත නැගි රැදවුවන් විරෝධතාව අත්හරී




පැරණි බෝගම්බර බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවක නිරතව  සිටි රැදවියන් පිරිස එම විරෝධතාවය අත්හැර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පාලන අධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් පසුව ඔවුන් විරෝධතාවය අත්හැර ඇති බවයි.

පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදුකරන ලෙස සහ ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වුණා. ඉකුත් 12 වනදා බන්ධනාගාර ගත කළ එම රැදවියන් ලබන 22 වනදා පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සදහන් කළේ.