Saturday, April 20, 2024

General line - 0115112241

හැදුනුම්පතේ අවසන් අංකය අනුව අද නිවසින් බැහැරව යා හැකි අය




හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව අද දිනයේ නිවසින් පිටවීමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය 0,2,4, 6, සහ 8 යන ඉරට්ටේ අංක හිමි පුද්ගලයින්ටයි. ජාතික හැදුනුම්පත නොමැති පුද්ගලයින්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා පිටවීමේදී විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ සදහන් හැදුනුම්පත් අංකයේ අවසන් අංකයට අනුව ඊට අදාළ දිනයන්හිදී නිවසින් පිටවීමට අවසර හිමි වනවා. ජාතික හැදුනුම්පත් අංක ක්‍රමවේදයෙන් බැහැරව නිවසින් පිටතට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

සංචරණ සීමා ලිහිල් කෙරුණද නිරෝධායන නීති කඩකරන්නන් සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මැයි 31 වනදා තෙක් දෛනිකව රාත්‍රි 11 සිට පසුදින අලුයම 4 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

මේ අතර මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අගහරුවාදා අලුයම 4 දක්වා යළි දිවයින පුරා සංචරණ සීමා පැනවෙනවා. එමෙන්ම මැයි 25 වන අගහරුවාදා රාත්‍රී 11 සිට 28 සිකුරාදා අලුයම 4 දක්වා යළිත් දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.