Friday, March 29, 2024

General line - 0115112241

වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්




ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කර සිටිනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයට මෙලෙස සයිබර් ප්‍රහාර එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙන බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරන්නේ.