Thursday, April 25, 2024

General line - 0115112241

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරයි




ලබන 24 සහ 25 යන දින දෙක රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පැවසුවේ රජය මගින් පනවා ඇති සංචරණ සිමා වලට පහසුවක් වීම සදහා අදාල තීරණය ගෙන ඇති බවයි. කෙසේවෙතත් අදාල දින වල රජයේ නිවාඩුව බැංකු සහ වෙලද නිවාඩු නෙවන බවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යංශයේ ලේකම්වරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.

මේ අතර ලබන 21 වන සිකුරාදා රාත්‍රී 11.00 සිට මැයි මස 25 වනදා අලුයම 04.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවන බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප්‍රකාශ කළේ. 25 වන අගහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වන සිකුරාදා අලුුයම 04.00 දක්වා නැවත වරක් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට නියමිතයි.

මේ අතර රජයේ සේවකයින්ගේ 2021 මැයි මස වැටුප මැයි 21 ගෙවීමටද කටයුතු සකස් කොට තිබෙනවා.