Thursday, April 25, 2024

General line - 0115112241

විජයග්‍රාහණයේ සැමරුම් දිනයේ දී යුද්ධ හමුදා නිලධාරීන් 452කට සහ සෙසුනිලයින් 4289 කට උසස්වීම්




සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත 12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 452 දෙනෙකු සහ සෙසුනිලයින් 4,289 දෙනෙකු මීළඟ නිලයට උසස්කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයෙන් නිලධාරීන් 62 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන් නිලයෙන් නිලධාරීන් 61 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයෙන් නිලධාරීන් 201 දෙනෙක් ලුතිතන් නිලයට උසස්කර ඇත.

එමෙන්ම, බලලත් නිලධාරි II 83 දෙනෙකු බලලත් නිලධාරි I නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනෙකු බලලත් නිලධාරි  II නිලයට, සැරයන් 493 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1120 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් ලබා ඇත.