Wednesday, April 24, 2024

General line - 0115112241

පෝට් සිටි පනතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැහැ - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි




කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්තේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ, අනුව එම ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ද අනුමත විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ. 

කෙසේ වෙතත් එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සදහන් පරිදි සංශෝධනය කරන්නේ නම් අදාල වගන්ති වල පවතින අනනුකූලතාවයන් ඉවත්ව යන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙනවා. කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් ගොණු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානායක මහන්ද යාපා අබේවර්ධන මහතා මේ බව කියා සිටියා. 

කතානායකවරයා එම තීරණය සභාවට දැනුම් දීමෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් පළ කිරීමත් සමග සභාවේ මෙවන් සංවාදයක් ඇති වුණා.