Friday, March 29, 2024

General line - 0115112241

මහනුවරට කොවිඩ් එන්නත් ලබා ගැනීමට කෝටි 90 ක් රජයට දෙන්න යෝජනාවක්



කෝවිඩ් වසංගතයෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා මේ දක්වා කාලය තුළ රජය විසින් රුපියල් බිලියන 138 ක මුදලක් වැය කර ඇති බව මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. පසුගිය වසරේදි පමණක් කෝවිඩ් වසංගතයෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය රුපියල් බිලියන 96 ක මුදලක් වැය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

මේ අතර ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට ප්‍රශ්නයක් යොමු කළේ මෙලෙසයි.

ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර මහනුවර ජනතාවට කොවිඩ් එන්නත් ලබා දිම සදහා කෝටි 90 ක මුදලක් ලබා දිමට සෙංකඩගල ප්‍රාදේශීය සභාව සහ මහ නුවර මහ නගර සභාව සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී කියා සිටියා.