Friday, April 19, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි කඩකළ තවත් 340 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 340 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 10,413 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර ජාතික  හැදුනුම්පතේ අවසන් අංකය අනුව නිවෙස්වලින් පිටවීම සදහා ලබාදී ඇති ක්‍රමවේදය උල්ලංඝණය කළ 99 දෙනෙකුද ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.