Tuesday, April 16, 2024

General line - 0115112241

කොරෝනා ගෙනා වූහාන් නගරයට ⁣ටෝර්නාඩෝවකින්  හානි




කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට ටොර්නාඩෝ කුණාටුවකින් හානි සිදුවී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් සුළං හමාගොස් ඇති බවයි.

මෙහිදී පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තවත් 280 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

නිවාස 27 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 130කට පමඛ හානි සිදුව ඇත.

මේ අතර චීනයේ ජින්සු පළාතටද කුණාටුවකින් හානි සිදුව ඇති අතර එහිදී පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් 149 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව චීන මාධ්‍ය වාර්තාවල දැක්වේ.