Thursday, April 25, 2024

General line - 0115112241

අසාද් සාලි හෘදයාබාධක් හේතුවෙන් රෝහල් ගත කරයි




බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ඔහු ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර ඇත්තේ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනුයි.

නෙත් නිවුස් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශයෙකු සදහන් කළේ අසාද් සාලි මේ වන විට 49 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවද එම ප්‍රකාශකවරයා සදහන් කළා.