Wednesday, April 24, 2024

General line - 0115112241

පළාත් සංචරණ සීමා කඩ කළ 215 දෙනෙක් හරවා යවයි




පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් වෙනත් පළාත්වලට යාමට උත්සාහ කළ පුද්ගලයින් 215 දෙනෙකු ඊයේ දිනය තුළ ආපසු හරවා යැවූ බව පොලීසිය පවසනවා.

බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14 කදී ඊයේ දිනය තුළ පමණක් වාහන 2,568 ක සිට පුද්ගලයින් 4,942 දෙනෙකු පරීක්‍ෂාවට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පළාත් සංචරණ සීමා කඩ කරන පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.