Thursday, March 28, 2024

General line - 0115112241

වැට් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි




වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ප‍්‍රකාශය කතානායකවරයා අද (09)පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කර ඇත්තේ මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාවේ හා ස්ථාවර නියෝග 133 යටතේ දක්වා ඇති අත්‍යවශ්‍ය විධිවිධාන අනුගමනය කර නොමැති බවයි.

එවැනි අවස්ථාවක කි‍්‍රයාවලිය ශුන්‍ය වන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ වැට් බදු සංශෝධනය සඳහා පනත් කෙටුම්පතක් අලුතින් ඉදිරිපත් කරන බවයි.