Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති කලාපීය සහාය පතයි




ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කලාපීය සහයෝගීතාව ලබාගැනීම සඳහා සාක් සමුළුවේදී ඉල්ලීමක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙරටට පැමිණ සිටින පාකිස්තානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළ බවයි.

මෙරට ආරක්ෂක හමුදාවන්ට පුහුණුව ලබාදීමට පාකිස්තානු රජය දැක්වූ සහය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.13909218_10154265984766327_5690109789110825501_o