Wednesday, April 24, 2024

General line - 0115112241

බස් සංගම්වලට ජනපතිගෙන් හදිසි කැඳවීමක්




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පැවැත්වෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කිරීමට නියමිත බස් වර්ජනයට මෙහිදී විසදුමක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවයි.

බස් ගාස්තුව ඉහළ දමන ලෙස ඉල්ලා පෞද්ගලික බස් සංගම් අද මධ්‍යම රාති‍්‍රයේ සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරිමට නියමිතයි. එහෙත් තම ගැටළුවලට ජනාධිපතිවරයා හෝ විසදුමක් ලබාදෙනු ඇති බව ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.

කෙසේවෙතත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා සඳහන් කළේ සැලසුම් කර ඇති පරිදි අද මධ්‍යම රාති‍්‍රයේ සිට බස් වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.