Friday, April 26, 2024

General line - 0115112241

හෙට පැය 12 ක් වතුර නැහැ




කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට පැය 12 ක කාලයක් හෙට (10) ජල සැපයුම අත්හිටුවනවා.

මහරගම, බොරලැස්ගමුව, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, ගොඩගම, මීපේ සහ පාදුක්ක එම ප‍්‍රදේශයි.

හෙට පෙරවරු 09.00 සිට රාත‍්‍රී 09.00 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ. ඒ, කලටුවාව ජල පවිත‍්‍රාගාරයේ සිට ජලය සැපයෙන ප‍්‍රධාන සම්පේ‍්‍රෂණ නලයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.