Wednesday, April 24, 2024

General line - 0115112241

රයිනෝ සමූහ ව්‍යාපාරයෙන් තවත් සමාජ මෙහෙවරක්




අඩ සියවසකට අධික කාලයක් තිස්සේ මෙරට ජනතාවට සේවය සලසන රයිනෝ සමූහ ව්‍යාපාරය, COVID-19 රෝගය මැඩලීමේ සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකක වෙන්ටිලේටර් යන්ත්‍ර (ICU Ventilators) 8 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළා.

රයිනෝ රූෆිං සමූහය නියෝජනය කරමින් එම සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී අදහස් පළ කරමින් රයිනෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා සඳහන් කළේ, මේ මොහොතේ වසංගත තත්ත්වය හේතුවෙන් රෝහල්ගත වී සිටින සහෝදර ජනතාව සුවපත් කිරීම සඳහා සෞඛ්‍ය අංශ දක්වන කැපවීමට මෙලෙස සහයෝගය ලබා දීමට හැකි වීම පිළිබඳ සතුටුවන බවය.

මේ මොහොතේ තම සහෝදර ජනතාවගේ සහ පරිසරයේ යහපත වෙනුවෙන් පෙරට එන ලෙසත්, ආදර්ශමත් ලෙස කටයුතු කරමින් සිටින දේශීය සමාගම් හා සන්නාම වලට දිගින් දිගටම සහයෝගය දක්වන ලෙසත් රයිනෝ සමූහය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතය ඉක්මනින්ම නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වේවා යන්නත්,  ඔවුන්ට යළිත් කිසිදු දිනයෙක මෙවන් ආපදාවකට මුහණ පෑමට සිදු නොවේවා යන්නත් සමාගමේ ඒකායන ප්‍රාර්ථනා වේ.

 වමේ සිට දකුණට : චාමික ජයසිංහ - සාමාන්‍යාධිකාරී (සුපර්මෙට් බිල්ඩිං සොලියුෂන්ස් ලිමිටඩ්), ජූඩ් පුල්ලේනායගම් - අලෙවිකරණ අංශ ප්‍රධානී, ඉන්දික රාජපක්ෂ - සමූහ ප්‍රධාන මුල්‍ය නිලධාරී, ජූඩ් ප්‍රනාන්දු - අධ්‍යක්ෂක, ඊ. ජේ. ඥානම් - කළමනාකරණ  අධ්‍යක්ෂක  (රයිනෝ රූෆිං සමූහය),  ගරු. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් - කන්චන ජයරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් - වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  ජනරාල් - වෛද්‍ය අසේල ගුණවර්ධන, ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක  ජනරාල් - ජනප්‍රිය කරුණාතිලක.