Thursday, April 25, 2024

General line - 0115112241

අද පෙරහැරට අලි නොයයි




මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ගේ ඇත් ගොව්වන් 35 කට අධික පිරිසක් අද (09) ශ‍්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී විරෝධතාවක නිරත වුණා.

ඊට එක්වූ හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ ඊයේ (08) රාත්‍රියේ පෙරහැර නැරඹීමෙන් අතිශය කණගාටුවක් ඇති වූ බවයි. පෙරහැරේ ගමන් කළේ අලි ඇතුන් 30 කටත් අඩු සංඛ්‍යාවක් බවත් සඳහන් කළා. ඉතිහාසයේ දළදා පෙරහැර යනු අලි ඇතුන් 80 ක් 90 ක් ගමන් කළ පෙරහැරක් බවත් පැවසුවා.

මේ වනවිට අලි ඇතුන් 39 දෙනෙකු පමණ රක්ෂිත භාරයේ සිටින බවත් ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තෙක් අද රාත්‍රියේ පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී නොකරවන බවත් පැවසුවා.