Thursday, April 18, 2024

General line - 0115112241

පොහොර කලමකනාකරණය විධිමත් කිරීම සදහා නීති රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවදානය




පොහොර නිෂ්පාදනය, සකස් කිරීම, ආනයනය හා බෙදා හැරීම විධිමත් කිරීම සදහා දැනට පවතින නීති රාමුව කාලානුරූපීව ශක්තිමත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ඊට අදාළ 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනත වර්තමාන අවශ්‍යතාවන්ට නොගැලපීම හේතුවෙන්.

රජය විසින් කාබනික පොහොර භාවිතය රට තුළ සම්පූර්ණයෙන්ම  ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බැවින් ඊට අදාල විධිවිධාන ඇතුලත් කර නව පනතක් හදුන්වා දීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.