Thursday, April 25, 2024

General line - 0115112241

නාමල්ගෙන් පොරොන්දුවක්




නඩු කටයුතු අවසන් නොවීම සහ විවිධ හේතූන් මත ඇප ලබා ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිසට සාධාරණය ඉටු කිරීම සඳහා යම් වැඩපිළිවලක් ක්‍රියාත්මක කළ යුතු බව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා කියා සිටියේ නීතිපතිවරයාගේ මැදිහත් වීමකින් හෝ පුනුරුත්ථාපනය වැනි ක්‍රියාමාර්ගයක් මගින් ඔවුන්ට සාධාරණය ඉටු කළ යුතු බවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් එහිදී මෙලෙස අදහස් පළ කළා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර පැවසුවේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සංශෝධන ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි.