Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව දෙසට එවන බව කියන ඉන්දීය ඩ්‍රෝන යානා ගැන රජයෙන් ප්‍රතිචාර




ශ්‍රී ලංකාව ආසන්න ප්‍රදේශවල නිරීක්ෂණ සඳහා ඩ්‍රෝණ යානා යෙදවීමට පියවර ගන්නා බවට ඉන්දියාව සිදු කළ ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය අවශ්‍ය මැදිහත්විම් සිදු කර ඇති බව රජය පවසනවා.

 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නෑගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එහිදී කියා සිටියා.

මේ අතර මෙරට පොලිස් අත්අඩංගුවෙදී සැකකරුවන් මිය යාම සම්බන්ධයෙන් පුළුල් හා ස්වාධින විමර්ශණයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අදහස් පල කළා.