Thursday, March 28, 2024

General line - 0115112241

බදුර්දීන් ගොණු කළ පෙත්සමක් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි




හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි. නවාස් තීරණය කර තිබෙනවා. පුද්ගලික හේතුවක් මත තමන් එම පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ඉවත් වන බවයි විනිසුරු ඒ.එච්.එම්.ඩි. නවාස් දැනුම් දී ඇත්තේ.

අද දිනයේ මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩි. නවාස් සහ අචල වෙන්ගප්පුලි  යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවූ අවස්ථාවේදී ඔහු මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. 

ඒ අනුව මෙම පෙත්සම විභාගයෙන් ඉවත් වූ තුන්වන විනිසුරුවරයා වන්නේ ඒ.එච්.එම්.ඩි. නවාස් විනිසුරුවරයායි. මීට පෙර යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන්ද මෙම පෙත්සම් විභාගයට ගැනීමෙන් වැළැකී සිටින බව දැනුම් දෙනු ලැබුවා. මෙම පෙත්සම් ජූලි  මස 6 වනදා යළි කැඳවීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින තමන් නිදහස් කිරීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බදුර්දීන් සහෝදරයන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.