Friday, April 19, 2024

General line - 0115112241

‘යාපා’ ඉන්න තැන ගැනත් කළකිරෙයි




ආණ්ඩුව තුළ සිටින ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් තමන් දැඩි කළ කිරීමකින් පසුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

කඹුරුපිටියේ ඊයේ (02) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් බලාපොරොත්තු වූ දේශපාලන වටපිටාව ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති බවයි.

එහිදී හෙතෙම, “කවුරුහරි අන්තිම මොහොතෙ ඇවිල්ලා බොරුවක් කිව්වොත් මිනිස්සු ඒකට ඡන්දෙ දෙනවා. සමහර අය ෆෑන්වල එල්ලෙනවා. මේකද දේශපාලනය. අපිට දැන් ඉන්න තැන් ගැනත් කළකිරිලා තියෙන්නෙ.” යනුවෙන්ද පැවසුවා.

රටේ රාජ්‍ය ආදායම සීග‍්‍රයෙන් පහත බැසීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වුවා. එහිදී හෙතෙම සඳහන් කළේ 1994 වසරේ 20% ක පැවැති රාජ්‍ය ආදායම 2015 වන විට 13% ක මට්ටම දක්වා පහත බැස ඇති බවයි. රාජ්‍ය ආදායම පහත වැටීම ගැන පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම හැර දේශපාලනඥයන් වෙන කිසිවක් සිදු නොකරන බවත් පැවසුවා.