Thursday, April 18, 2024

General line - 0115112241

යකඩ ගැහැණිය වසර 16ක උපවාසය නිමාකර පළමුවරට ආහාරයක රස බලයි (VIDEO)




ඉන්දියාවේ සිවිල් සහ දේශපාලන ක‍්‍රියාධාරිණියක් වන ඉරෝම් ශර්මිලා වසර 16 ක් තිස්සේ සිදු කළ උපවාසය අද (09) අවසන් කළා.

ඇය ප‍්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී පැවැත්වෙන මනිපූර් ප‍්‍රාන්ත මැතිවරණයට ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වීමේ අරමුණින් උපවාසය අවසන් කරන බවයි.

නිළ නියෝගයකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා ඇතැම් අවස්ථාවල ඕනෑම අයෙකුට වෙඩි තැබීම සඳහා හමුදාවට විශේෂ බලයක් ලබාදීමට එරෙහිවයි ඉරෝම් ශර්මිලා මෙම උපවාසය ආරම්භ කළේ. මනිපූර් හිදී ඉන්දියානු හමුදාව සාමාන්‍ය වැසියන් දස දෙනෙකු ඝාතනය කිරීම ඊට දැඩි ලෙස බලපෑ සිද්ධිය වුණා.

කෙසේවෙතත් උපවාසයේ නිරත වූ වසර 16 න් වැඩි කාලයක් ඇය ගත කළේ රෝහල්ගතවයි. එහිදී ඇයගේ නාසයෙන් යැවූ බටයක් තුළින් බීම වර්ග සහ බෙහෙත් වර්ග බලහත්කාරයෙන් ලබා දී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වසර 16 කට පසු පළමු වරට ඇය විසින් ආහාරයක රස බලන වීඩියෝවක්ද නිකුත් කර තිබුණා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)