Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයෙන් රුපියල් මිලියනයකට අධික වටිනා වෛද්‍ය උපකරණ ජාතික රෝහලට




ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් කොවිඩ් -19 රෝගීන්ගේ රෝගී තත්ත්ව පරික්ෂාව සඳහා (ශ්වසන වේගය, හෘද ස්පන්දන වේගය, ECG, සිස්ටලික් සහ ඩයස්ටොලික් පීඩනය) සහ අනෙකුත් තීරණාත්මක සාධක අධීක්ෂණය කිරිමට උපකාරීවන වෛද්‍ය උපකරන (Multi Para Patient Monitoring Units) පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදියි.

SLFPA මෙම ව්‍යාපෘතිය සමග ඉදිරි පෙළ වෛද්‍යවරුන් අගය කිරිම සහ කොවිඩ් -19 වෛරසයට එරෙහිව සටන් කිරිමට දරන උත්සාහයට සහාය වීම සඳහා ඉදිරිපත්ව සිටි. මෙම වෛද්‍ය උපකරණ භාරදීමේ උත්සවය ජුලී 09 වන දින ජාතික රෝහලේදී SLFPA සභාපති - නිශාන්ත පෙරේරා, උප සභාපති - දමිත පෙරේරා, ලේකම් - අරුණ සේනානායක, භාණ්ඩාගාරික - නදීෂාන් ගුරුගේ සහ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික ගුණසේකර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය කුමා වික්‍රමසිංහ මහතා විසින් ජාතික රෝහල වෙනුවෙන් එම වෛද්‍ය උපකරණ භාරගන්නා ලදී. මෙම මුළු යන්ත්‍රවල වටිනාකම රුපියල් මිලියන 1.1 ඉක්මවයි.

මෙම වෛද්‍ය උපකරණ 03ක් සඳහා සම්පුර්ණ මුල්‍ය දායකත්වය CMC Engineering Export GmbH, Westman Engineering Pvt Ltd & EOAS Organics Pvt Ltd යන ආයතන දක්වන ලද අතර Country Style Foods Pvt Ltd, Mr. Samitha Perera, Transcontinental Packaging Pvt Ltd, Control Union Inspections Pvt LTD, Rohan Rodrigo Refrigerator & Air Conditioning Pvt Ltd & Fingal Lanka Pvt Ltd එක්ව වෛද්‍ය උපකරණ 02ක් සඳහා දායකත්වය දක්වන ලදියි.

ඉදිරියේදී සිය සාමාජිකයින් සමග එක්ව තවත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන බව මෙම අවස්ථාවට එක්වූ මෙම ව්‍යාපෘතියේ සභාපති සහ ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති දමිත පෙරේරා මහතා පැවසිය.