Friday, April 19, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතව වාර්තාවන ළමුන් දිනෙන් දින ඉහල යනවා - රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂක කියයි




කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිත ළමුන් සහ මව්වරුන් ගණන වැඩිවෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනයේදී පමණක් එම රෝහලෙන් දරුවන් ඇතුලු මව්වරුන් 12 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා. මේ වන විට මසකට පමණක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ආසාදිතයින් 150 දෙනෙකු පමණ වාර්තාවන බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය සඳහන් කළේ. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන් 51 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඉකුත් සතියේදී පමණක් ඇතුළත් කර තිබෙනවා. ඉන් කොරෝනා ආසාදිත ළමුන් 12 දෙනෙකු ඊයේ දිනයේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණු බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පැවසුවේ දරුවන් මේ වන විට කොරෝනා මර්දන එන්නත ලබා නොදෙන පිරිසක් බැවින් ඔවුන් මෙම අවස්ථාවේදී දැඩි ලෙස ආරක්ෂා කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.