Friday, April 19, 2024

General line - 0115112241

ඔලිම්පික් ගිය ඕස්ට්‍රේලියානු මළළ ක්‍රීඩකයින් හුදෙකලා කෙරේ




2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ඕස්ට්‍රේලියානු මළල ක්‍රීඩා කණ්ඩායම හුදෙකලා කර තිබෙනවා. ඒ, අමෙරිකානු ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි. අදාළ අමෙරිකානු ක්‍රීඩකයාගේ සමීපතමයින් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවයි ඕස්ට්‍රේලියානු මළල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයින් මෙලෙස හුදෙකලා කර ඇත්තේ. 

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව පවසන්නේ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස සිය මළල ක්‍රීඩා කණ්ඩායම ඔවුන් රැඳී සිටින ස්ථානවලම හුදෙකලා කෙරුණු බවයි. ඔවුන්ගේ කොවිඩ් පරීක්ෂණ ද සිදුකෙරෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව පවසන්නේ. 

කෙසේවෙතත් මේවනවිට අනාවරණ වී ඇත්තේ ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් 169 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.