Friday, March 29, 2024

General line - 0115112241

ටෝකියෝ ඔලිම්පික් උළේලෙදී මිශ්‍ර ආර පිහිණුම් ඉසව්වෙන් අමෙරිකාව තැබූ ලෝක වාර්තාව




මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළේලෙදී තවත් පිහිනුම් ඉසව්වකින් ලෝක වාර්තාවක් පිහිටු වීමට අමෙරිකා එක්සත් ජනදය අද පෙරවරුවේ සමත් වුණා. ඒ පිරිමි මීටර් සියය හතර මිශ්‍ර ආර පිහිනුම් ඉසව්වෙන්.

එම ඉසව්ව විනාඩි 03යි තත්පර 26යි දශම 7යි 8කින් නිම කළ අමෙරිකාව එම ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තා.  එහි රිදී පදක්කම බි්‍රතාන්‍ය විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම හිමි වුයේ ඉතාලියටයි. 

මේ අතර මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ කාන්තා යගුලිය විසි කිරිමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනයේ ගොංග්ඩ් ලිජිආඕ සමත් වුණා. ඒ මීටර් 20යි දශම 5යි 8ක දක්ෂතාවක් වාර්තා කරමින්. 

ලොව වේගවත්ම මිනිසා තෝරන මීටර් සියය පිරිමි ධාවන තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 06යි 20ට ආරම්භ වීමට නියමිතයි.