Thursday, April 25, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 1,680 දෙනෙකු හදුනා ගැනේ




තවත් කොරෝනා ආසාදිතයින් 1,680 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ හදුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන තුන් ලක්‍ෂ 13,029 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් ආසාදිතයින් දෙලක්‍ෂ 80,868 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 27,653 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.