Thursday, April 25, 2024

General line - 0115112241

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල අද සහ හෙට ලෙඩ නිවාඩු දමයි




ඉල්ලීම් 10 ක් මුල්කර ගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.  

නිල ඇදුම් දීමනාව 15,000 ක් දක්වා වැඩි කිරීම, ස්ථාන මාරු, රුපියල් දහසේ මාසික විශේෂ දීමනාව රුපියල් 7,000 දක්වා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල්කර ගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පැවසුවේ. මේ, එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්සේ.

කෙසේ වෙතත් කොරෝනා වාට්ටු සහ රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සහය ලබාදීමට තීරණය කර ඇති බවද පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

උතුරු පළාතේ රෝහල්, පොළොන්නරුව, හලාවත, ත්‍රිකුණාමලය යන මහ රෝහල්වල මෙන්ම මඩකළපුව ශික්ෂණ රෝහලේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.