Thursday, April 25, 2024

General line - 0115112241

මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම්




මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 10 ක් සැප්තැම්බර් වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය ඊට පෙර සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සදහන් කළේ ඒ සම්බන්ධයෙන් ලක් රජයට සහ ජනතාවට ප්‍රසාදය පළකරන බවයි. මහජන සෞඛ්‍ය පිළිබඳ අවධානය ඉහළ නැංවීමට සහ වෛරසය පාලනයේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් ලක් රජයට සිය ස්තූතිය පළ කළා.

මේ වනවිට මෙරට පුද්ගලයින් කෝටියකට අධික සංඛ්‍යාවකට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. කොරෝනා මර්දන එන්නතක මාත්‍රා  දෙකම ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව විසි දෙලක්‍ෂ 54,887 ක්.