Thursday, April 25, 2024

General line - 0115112241

ඉෂාලිනීගේ පාසැල් පොත් කිහිපයක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට




හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරිය නවාතැන් ගෙන සිටි අදාළ නිවසේ කාමරයක බිත්තියේ ඉංග්‍රීසි අකුරුවලින් ලියා තිබූ දෙමළ අර්ථයක් සහිත වැකියක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ඉෂාලිනී දැරිය විසින් භාවිත කළ පාසැල් පොත් කිහිපයක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ අතර ඉෂාලිනීගේ සහෝදරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සිය සහෝදරියට ඉංග්‍රීසි භාෂාව ලිවීමට හැකියාවක් නොතිබූ බවයි.