Friday, April 26, 2024

General line - 0115112241

ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ ස්ථානයක් වටලයි




අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ ස්ථානයක් තිරුක්කෝවිල් පොලීසිය මඟින් වටලා තිබෙනවා.

එහිදී එක් සැකකරුවෙකු සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමට යොදාගත් පරිගණක ඇතුලු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථාන හඳුනාගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.