Saturday, April 20, 2024

General line - 0115112241

කොවිඩ් වලට මුවාවී රාජ්‍ය ආයතනවල සිදුවන අකටයුතුකම්



කොවිඩ් වසංගත තත්ත්වය යැයි පවසමින් බොහෝ රාජ්‍ය ආයතනවල කළ හැකි කටයුතු පවා සිදු නොකරන තත්ත්වයක් දක්නට ලැබෙන බව ගණකාධිකාරීවරයෙකු මෙන්ම නීතීඥවරයෙකු ද වන සේනක ද සේරම් පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ මහ ලේකම්, අජිත් ඩී පෙරේරා ද මෙම වැඩසටහනට එක්වුණා. රාජ්‍ය අංශයේ කටයුතු වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් සිදුකර ගැනීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද යොදා ගත යුතු බවයි මෙහිදී ඔහු පෙන්වා දුන්නේ.