Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා නිසා රෝහල් පද්ධතියේ ඇති තදබදය අවම කිරීමට කතෝලික දේවස්ථාන




කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග රෝහල් පද්ධතියේ ඇති තදබදය අවම කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ කතෝලික දේවස්ථාන ලබාදීමට සූදානම් බව කිතුනු ගිහි උරුමය සංවිධානය පවසනවා.

එහි ප්‍රකාශක සුනිල් කොස්තා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන ලිඛිත ඉල්ලීමක් කොළඹ අගරදගුරු හිමිපාණන් වෙන යොමු කරන බවයි.

පවතින තත්ත්වය සලකා රත්නපුර රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහල මේවනවිටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අවසන්.

එමෙන්ම රාගම ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග ගැටළු රැසක් මතුව ඇති බවයි මේවනවිට වාර්තා වන්නේ.