Thursday, March 28, 2024

General line - 0115112241

සෑම පැයකට කොවිඩ් රෝගීන් 03 දෙනෙක් මිය යන ප්‍රවනතාවයක් ඇති වෙලා - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය




මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව සෑම පැයකට වරක් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු මිය යෑමේ ප්‍රවනතාවයක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල පවසනවා.

දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින් වැඩි බවයි ඔහු සඳහන් කළේ.

වත්මන් තත්ත්වය අනුව එන්නත්කරණ වැඩසටහන වේගවත්ව සිදුවුවත් ඉන් පුද්ගලයෙකුට ලැබෙන ආවරණය ලැබීමට කාලයක් ගතවන බැවින් මේ වන විට වෛරසය දිනන තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පෙන්වා දෙන්නේ.

" මිය යන ප්‍රමාණය බලන්න. සෑම පැයකටම තිදෙනෙක් වගේ ප්‍රමාණයක් මිය යනවා. පසුගිය දින දෙක තුලදී පමණක් මරණ වාර්තා වුන සංඛ්‍යාව දිහා බලන කොට ඕනෑම කෙනෙක්ට මේක පෙනෙන්න තියෙන දෙයක්. අන්න එහෙම හිතලා බලන්න මේකෙන් ඇතිවෙන බලපෑම. වෛරසය සහ එන්නත්කරණය අතර තිබෙන තරගයෙන් අපි ජය ගන්න අවශ්‍ය නම් ඉතා කෙටි කාලයකට පුළුවන් ආකාරයෙන් සංචරණ සීමා තමයි එකම පිළිතුර කෙටිකාලීනව. එහෙම නැත්නම් පුද්ගල වශයෙන් ස්වයං සංචරණ සීමාවන් හෝ පනවා ගැනීම වැදගත්" යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල සඳහන් කර සිටියා.