Thursday, April 25, 2024

General line - 0115112241

ලංකා බැංකුවේ 22 වන මහා කළමණාකරු ලෙස කේ.ඒ.ඩි. සුමනසිරි පත් කෙරේ 




ලංකා බැංකුවේ 22 වන මහා කළමණාකරු ලෙස කේ.ඒ.ඩී. සුමනසිරි අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. ඒ, කොළඹ පිහිටි ලංකා බැංකු මූලස්ථානයේදීයි. 

එහි නව මහා කළමණාකරු ලෙස අද රාජකාරී ආරම්භ කළ කේ.ඒ.ඩී. සුමනසිරි මීට පෙර ලංකා බැංකුවේ ආයතනික සහ විධායක කළමණාකාරිත්වයේ තනතුර හොබවා තිබෙනවා. 

ඔහු උතුරු පළාතේ ක්‍ෂුද්‍ර මූල්‍ය සහ ශාඛා කටයුතුවලදී විශේෂඥ දැනුමකින් සහ පරිචයකින් යුතුව විශේෂ කාර්යභාරයක් ද ඉටුකළා. මේ, සිය ඉදිරි කටයුතු පිළිබද අදහස් පළ කළ ලංකා බැංකුවේ නව මහා කළමණාකරු කේ.ඒ.ඩී. සුමනසිරි.