Saturday, April 20, 2024

General line - 0115112241

‘නව මහබැංකු අධිපති පත් කිරීම වෙන අරමුණක්’ – ගම්මන්පිල




නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු ලෙසින් විය හැකි බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළේ මේ වන විට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බවයි. එහි කෝන්දේසි 05 ක් ආණ්ඩුව විසින් සැපිරිය යුතුව ඇති බවත් සඳහන් කළා. එම කොන්දේසි පසුරා ගැනීම සඳහා මෙම පත්කිරීම සිදුව ඇති බවයි පැවසුවේ.

මේ අතර මහබැංකුව සම්බන්ධයෙන් ජනතාව තුළ යළි විශ්වාසයක් ගොඩනැගීම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ වගකීමක් වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ.