Thursday, March 28, 2024

General line - 0115112241

වේගපන්දු පුහුණු කරන්න ‘වාස්’ කැඳවයි




ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයෙකු මෙන්ම වේගපන්දු යැවීම් පුහුණුකරුවෙකු වූ චමින්ද වාස් ශී‍්‍ර ලංකා වේග පන්දු බල ඇනියට එක්කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිලංග සුමතිපාල පැවසුවේ ලබන මස සිට ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අධි දක්ෂතා පිළිබඳ කළමනාකරු ලෙස කටයුතු කරන සයිමන් විල්ස් යටතේ කටයුතු කරනු ඇති බවයි.

වාස් මීට පෙර වසර දෙකක පමණ කාලයක් ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණූකරුවෙකු ලෙස කටයුතු කළා. මෙම නව පත්වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් චමින්ද වාස්ගෙන් විමසීමක් කළා.

‘‘ මට ආරාධනාවක් ලැබුණා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් වේග පන්දු පුහුණුකරු බල ඇනියට එක්වන ලෙස. හැබැයි මං එන්නේ ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නොවේ. මා කටයුතු කරන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අධි දක්ෂතා පිළිබඳ කළමනාකරු ලෙස කටයුතු කරන සයිමන් විල්ස් යටතේ. පුහුණු සංචිතවල සිටින වේග පන්දු යනන්නන් පුහුණු කිරීම තමයි මට පැවරිලා තියෙන්නේ. අවුරුදු 19 න් පහළ, සංවර්ධන කණ්ඩායම, දිස්ති‍්‍රක් කණ්ඩායම් සහ එ් කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන් පුහුණු කිරීම තමයි මට පැවරිලා තියෙන්නේ. මම සයිමන් විල්ස් සමග එක්ව දක්ෂ නවක වේග පන්දු යවන්නන් තෝරා ගැනීමට අපේක්ෂා කරනවා. මේ වන විට ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයින් වැඩි දෙනෙක් ආබාධයන්ට ලක්වෙලා තියෙන්නේ. පුහුණුවීම්වල ඇති අඩුපාඩුවක් නිසා ඔවුන් විවිධ ආබාධවලට ලක්වනවා. ලාබාල කී‍්‍රඩකයින් මෙම තත්වයෙන් මුදා ගැනීම තමයි අපේ අපේක්ෂාව. දක්ෂ වේග පන්දු යවන්නන් තෝරා ඔවුන් නිසි ලෙස පුහුණුවීම්වලට එක් කිරීම අපේ අරමුණයි. ’’