Thursday, April 25, 2024

General line - 0115112241

දසුන් ශානකගේ මගපෙන්විම යොවුන් ක්‍රීඩක චරිත් අසලංක කියයි 




අංක 5 පිතිකරු ස්ථානයේ සාර්ථක වීමට තමන්ට හැකියාව ලැබුණේ නායක දසුන් ශානකගේ මගපෙන්විම අනුව බව යොවුන් ක්‍රීඩක චරිත් අසලංක පවසනවා. 

චරිත් අසලංක දකුණ අප්‍රිකානු කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේදී අංක පිතිකරු 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් පිට පිට අර්ධ ශතක 2 ක් වාර්තා කළා. 

මේ, සිය දක්ෂතා පිළිබද තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ චරිත් අසලංක.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ඊයේ පැවති 2 වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීම එතරම් හොද තත්වයක නොතිබුණූ බවයි චරිත් අසලංක පැවසුවේ.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තුන්වන සහ අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගය අනිද්දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.