Friday, March 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ ඇතිවූ ගැටුම්වලින් සිවිල් වැසියන් 20ක් මරුට 




ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ ඇතිවූ ගැටුම්වලින් සිවිල් වැසියන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලෙයිබාන් සාමාජිකයින් සහ ඔවුන්ට විරුද්ධ කණ්ඩායම් අතර ඇතිවූ ගැටටුම්වලින් මෙම පිරිස මියගොස් ඇති බවයි. 

ගැටුම් පැවති පන්ජ්ෂීර් නිම්නයේ සන්නිවේදන සබඳතා ද බිද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

තලෙයිබාන් සාමාජිකයින් විසින් දැඩි මාධ්‍ය වාරණයක් පනවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමද අසීරුවී තිබෙනවා. 

කෙසේ වෙතත් බී.බී.සී පුවත් සේවය වාර්තා කළේ සිවිල් වැසියෙකු ඝාතනය කරන දර්ශන තමන් සතුව ඇති බවයි. 

ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පුද්ගලයෙකුට දුරකථන සිම් පතක් අලෙවි කළ වෙළදසැල් හිමියෙකු තලෙයිබාන් සංවිධානය විසින් දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට ලක්වූ පිරිස අතර  ඔහුද වන බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළා.

තලෙයිබාන් සංවිධානයට අවසන් වශයෙන් අත්පත් කරගත් ප්‍රදේශය වූයේ පන්ජ්ෂීර් නිම්නයයි. තලෙයිබාන් සංවිධානයට එරෙහි ප්‍රතිවිරුද්ධ සටන්කරුවන් රැදී සිටි ප්‍රදේශයක් ලෙස පන්ජ්ෂීර් නිම්නය හැදින්වෙනවා.