Friday, April 19, 2024

General line - 0115112241

පාකිස්තානය විස්සයි විස්ස සටනට විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙකු ගෙන්වයි




පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන මැතිව් හේඩ්න්ඩ් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන වර්නන් ෆිලැන්ඩර් එක්කර ගෙන තිබෙනවා. 

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඔවුන් එම තනතුරු සදහා පත් කළ බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

මිස්බා උල් හක් ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩුවී ඇති පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා සුදුස්සෙකු පත්කිරීම නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවයි පාකිස්තාන ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් පත්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රමීස් රාජා ප්‍රකාශකර ඇත්තේ. නව තනතුරේ රාජකාරී ආරම්භ කරමින් පැවති පළමු මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා තිබෙනවා. 

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය නිවැරදි මාවතට යොමු කිරීමට කටයුතු කරන බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා. 

පාකිස්තාන ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති ධූරයට පත්වූ සිව්වන පාකිස්තානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ රමීස් රාජායි. 

ඔහු මෙම තනතුර සදහා නිතරගයෙන් තේරී පත්වුණා.