Wednesday, April 24, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් විස්සයි 20 අද 




සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා. 

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. 

අද තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළේ. 

දෙරට අතර පැවති පළමු තරග 02 කම ජය ගෙන 02 ට බිංදුවක් ලෙස මෙම තරගාවලිය ජය ගෙන සිටින්නේ දකුණු අප්‍රිකාණු කණ්ඩායමයි.