Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ගැන කළ වාචික වාර්තාවේ ඇතුලත් කරුණු කවුන්සිලයේ පරමාර්ථ ඉක්මවා යෑමක් - නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම 




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාචික වාර්තාවේ ඇතුලත් බොහෝ කරුණු එම කවුන්සිලයේ පරමාර්ථ ඉක්මවා යන ඒවා බව නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම පවසනවා. 

කෙසේ වුවත් එම සියලු චෝදනාවලට නිෂ්චිත වශයෙන් ලංකාව පිළිතුරු ලබාදිය යුතු බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ.

සියලු රටවල තානාපතිවරුන් කැදවා එල්ලවී ඇති චෝදනාවලට පිළිතුරු ලබාදී ඔවුන් දැනුවත් කළ යුතු බවද නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම වැඩිදුරටත් පෙන්වා දුන්නා.