Friday, March 29, 2024

General line - 0115112241

සාර්ථක නව ව්‍යවසායකයින් බිහිවීමට වඩාත් වැදගත් සාධකය වන්නේ ව්‍යාපාරික අදහසයි 



සාර්ථක නව ව්‍යවසායකයින් බිහිවීමට වඩාත් වැදගත් සාධකය වන්නේ ව්‍යාපාරික අදහස බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන නිලධාරී ප්‍රියංගා සේරසිංහ පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ නව ව්‍යාපාර කෙටි කාලයක් තුළ බිද වැටීමට හේතුවී ඇත්තේද නිවැරදි ව්‍යාපාරික අදහස් නොමැතිවීම බවයි.

ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර විකුණුම් හැසිරවුම් කළමනාකරණ ප්‍රියාල් සිල්වා ද එම වැඩසටහනට එක් වුණා. 

ණය නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ ලේඛනගතව සිටීම ණය ලබාගැනීමට බාධකයක් නොවන බවයි මෙහිදී ඔහු පෙන්වා දුන්නේ.