Thursday, April 25, 2024

General line - 0115112241

පරාජයේ වගකීම පිතිකරුවන් භාරගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරගාවලිය 03 ට බිංදුවක් ලෙස ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

ඒ, දෙරට අතර පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගනිමින්. 

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී රැස් කළේ ලකුණු 120 ක් පමණයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 39 ක් රැස් කළ අතර චාමික කරුණාරත්න ලකුණු 24 ක් රැස් කළා. 

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු විස්සේ සීමාව පසු කර යාමට දකුණු අප්‍රිකාණු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ලකුණු 121 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාණු කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 04 කදී කිසිවෙකු නොදැවී තරගයේ ජය වාර්තා කළා.

ක්වින්ටන් ඩිකොක් නොදැවී ලකුණු 59 ක් රැස් කළ අතර රීසා හෙන්ඩි්‍රක්ස් නොදැවී ලකුණු 56 ක් රැස් කළා. 

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සිය කණ්ඩායම ලැබූ පරාජය පිළිබදව අදහස් දැක්වූයේ මෙලෙසයි.