Saturday, September 25, 2021

General line - 0115112241

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ අගමැති අතර සුහද හමුවක් 

502Views



ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ බොලොඤ්ඤා හි දී පැවැත්වුණා. 

ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයට පැමිණ සුහද කතාබහක නිරත වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලය තුළ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ද්වි පාර්ශවීය මිතුදම් හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව ද පැමිණ සිටි පිරිස එහිදී සිහිපත් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ. 

මිලාන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගත් දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ දී වඩාත් පහසුවක් ඇතිවන බවයි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. 

ජී 20 අන්තර් ආගමික සංසදයට එක්වීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතව තිබෙනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here