Thursday, April 25, 2024

General line - 0115112241

වනිදු සහ දුෂ්මන්ත IPL යයි




ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟවලදී සිය කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව වෙනස් නොකර ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා. 

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසළාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් ස්ථාවර පිතිකරු ලැයිස්තුවක් සකසා ගැනීම එහි අරමුණ වන බවයි දසුන් ශානක කියා සිටියේ. 

දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමඟ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් නැගූ තවත් ප්‍රහ්නයකට දසුන් ශානක මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සහ වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියා. 

ඔවුන් දෙදෙනාම විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කන්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.